තනි කලාකරුවෙක් වෙනුවෙන් ඉදිවූ ලොව විශාලතම කෞතුකාගාරයක් නෝර්වේ රාජ්‍යයේ දී විවෘත කෙරුණි.
ලෝකප්‍රකට නෝර්විජීයානු චිත්‍ර ශිල්පියෙකු වූ, එඩ්වඩ් මුන්ච් වෙනුවෙන් ඔස්ලෝ නුවර නව කෞතුකාගාරයක් එලෙස විවෘත කර තිබේ.
එඩ්වඩ් මුන්ච්ගේ අග්‍රගණ්‍ය සිතුවම ලෙස සැලකෙන “විලාපය” (The Scream) සිතුවම එහි කැපී පෙනුණි.
විලාපයෙහි මුල් සිතුවම මුන්ච් විසූ ඔස්ලෝ නුවරදී 1893දී ප්‍රදර්ශනය කෙරුණ අතර එහි අනුවාද කිහිපයක්ම මෙහිදී දැකගත හැකිය.
මිනිස් සාංකාව නිරූපණය කරන, විප්ලවීය සහ සියලු කාලයන්ට සාධාරණ හැඟීම් දැනීම් පළකිරීමක් වන “විලාපය” මුන්ච්ගේ පමණක් නොව තත්කාලීන සමාජ සංස්ථාවන්හී නිරූපණයකි.
මුන්ච් මෙන්ම, ඔහුගේ පියා සහ සොහොයුරිය ද විශාදයෙන් පීඩා විඳි අතර, 1908දී ස්නායු දුර්වලවීමෙන් මුන්ච් ද රෝහල්ගත කෙරුණි.
ඔහුගේ මව සහ වැඩිමල් සොයුරිය, ඔහු 14 හැවිරිදි වියේදී මිය ගිය අතර, එයින් අවුරුදු 12කට පසු ඔහුගේ පියා මිය ගියේය.
ඔහුගේ තවත් සොයුරියකව උන්මන්තකාගාරයේ රැඳවීමට සිදුවූ අතර මේ කරුණු ඔහුගේ සිතුවම් නිර්මාණයට බලපෑවේය.
තම කලා කෘති සියල්ල එකම ස්ථානයක ප්‍රදර්ශනය කිරීමට මුන්ච් දැඩි ඇල්මක් දැක්වූවේය.
මේ කෞතුකාගාරය මුන්ච්ගේ අභාවයෙන් වසර 77කට පසුව මුදුන්පත් වූ ඔහුගේ අපේක්ෂාවක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්