චිලී රාජ්‍යයේ දකුණුදිග කැරාහුවේ පළාතේ දී සන්නද්ධ කණ්ඩායමක් නිවාස ඇතුළු දේපළ රැසකට ගිනිතබා තිබේ.
එම නිවාසවල සිටි පුද්ගලයන් මුදාගැනීමට පොලීසිය සමත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ කණ්ඩායමක් චිලී රාජ්‍ය යේ දකුණුදිග කැරාහුවේ ප්‍රදේශයේ කැසබ්ලැන්කා හි වනගත කඳවුරකට ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
පිරිස ට්‍රක් රථ 6කින් පැමිණ කඳවුර වෙත කඩාවැදී තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.
එම ස්ථානයේ සේවකයන් බියවැද්දූ සන්නද්ධ කල්ලිය අනතුරුව නිවාස 9කට, ට්‍රක් රථ 5කට හා වෑන් රථ දෙකකට ගිනිතබා තිබුණි.
ඔවුන් තවත් වෑන් රථ දෙකක් සොරකම් කරගෙන ගොස් ඇති බවද සඳහන්ය.
ගිනිගත් නිවාසවල සිටි පුද්ගලයන් 13 දෙනෙකු පොලිසිය විසින් මුදාගෙන තිබුණි.
එම පිරිස අතර වයස්ගත පුද්ගලයන්, කාන්තාවන් සහ ළමයින් ද සිටින බව පොලීසිය පැවසුවේය.
සන්නද්ධ කල්ලිය එම ස්ථානයේ පණිඩවුඩයක් තබා ගොස් තිබුණි.
එහි සටහන්ව තිබුණේ “සියලුම මැපුචි දේශපාලන සිරකරුවන්ට නිදහස. හමුදාව සිට සියලුම ධනේශ්වර සමාගම් සමඟින් පිටව යනු” ලෙසිනි.
මේ කලාපය තුළ දිගු කාලයක සිට ස්වදේශික මැපුචි වැසියන් හා චිලී රජය අතර ගැටුම් පවතින බව විදෙස් වාර්තාවල දැක්වේ.
ඉහත සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විශේෂ විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි