එන්නත් කාඩ්පත පොදු ස්ථානවලට රැගෙනයාම අනිවාර්ය කිරීමේ තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවයි.
මේ අතර මෙරට ජනගහනයෙන් 60% ක් මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවද හෙතෙම කියා සිටියා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ , තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේ වනවිට මෙරටට ලැබෙමින් පවතින බවයි.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන් සංඛ්‍යාව 10ක් දක්වා අඩුවී ඇති බව එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.
කොරෝනා දෙවන ව්‍යාප්තිය ආරම්භවීමත් සමග කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව 200කට අධිකයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ