අත්‍යවශ්‍ය භාණ්ඩ රැස් කර ගන්නා ලෙස චීනය එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.
ඉදිරියේදී බලපෑ හැකි අයහපත් කාලගුණ තත්ත්වය මීට හේතුව බවයි චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
මේ වන විටත් චීනයේ කාලගුණ බලපෑම් නිසා එළවළු නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම චිනයේ නැවත කොවිඩ් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉදිරියේදී ඇතැම් ප්‍රදේශ යළි වසා දැමීමට සිදුවනු ඇති බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්