ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වීමට ලොව රටවල් 190ක් ඇතුලු සංවිධාන ගණනාවක් එකඟත්වය පළ කර තිබෙනවා.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන දේශගුණ විපර්යාස සමුලුවට සමගාමිව පැවති බලශක්ති පිළිබඳ රාජ්‍ය නායක හමුවේදී එම රාජ්‍ය නායකයින් මෙම එකඟතාවයට පැමිණ බවයි වාර්තා වන්නේ.
2030 වසර වනවිට මෙම ඉලක්කය යම් ප්‍රමාණයකින් සාක්ෂාත් කර ගැනීම ඉලක්කයයි.
පෝලන්තය, වියට්නාමය, චිලී රාජ්‍යය මෙන්ම ඉන්දියාව, චීනය සහ ඕස්ටේ්රලියාව ද ගල් අඟුරු භාවිතය සඳහා ප්‍රධාන වශයෙන් යොමුවූ රටවල් ලෙසයි සැළකෙන්නේ.
මෙම රටවල් දේශීය වශයෙන් නිෂ්පාදිත ඉන්ධන ප්‍රභවයන් වෙත යොමුවීමේ අපේක්ෂාව පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු කර තිබෙනවා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්