T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (06) පැවැති තවත් තරගයකින් ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
එම තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතරය.
තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාදුනි.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ඔවුන් රැස් කළේ ලකුණු 157ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 16යි පන්දු 2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 161ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි