විනය කඩ කිරීම හේතුවෙන් දැනට තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමට සලකා බලන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගෙන් අද පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම සිදු කළා.
පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවත් ඊට පිළියමක් වශයෙන් මේ පිළිබඳව සලකා බලන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
ඊට පිළිතුරු ලබා දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේ, විනය අංක එක බවත් ඔවුන්ට විනයානුකූලව පියවර ගෙන ඇති බවයි. එසේම ඔවුන්ට එළඹෙන LPL තරග ක්‍රීඩා කිරීමට හැකි බවත් ඉන් පසු වසරකින් නැවතත් ජාත්‍යන්තර තරඟ සඳහා එක්වීමේ හැකියාව පවතින බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් පසුගිය එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුළු නීතිරීති උල්ලංගණය කිරීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර හා දේශීය තරඟ තහනමකට ලක්ව සිටිනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි