අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය සඳහන් කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළ බව සඳහන්.
2017 වසරේ අප්‍රේල් මස 7 වනදා වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කොළඹ කොටුව දුම්රියපොළ අසළදී පැවති ජන හමුවකදී සිදුකරනු ලැබූ ප්‍රකාශයක් අඩංගු සංයුක්ත තැටියක් පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත්කර තිබුණා.
කෙසේ වෙතත් වග උත්තරකාර වෛද්‍ය පාදෙණිය මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කරමින් සඳහන් කළේ, අදාළ සංයුක්ත තැටිය නීත්‍යායානුකූල ආකාරයට ඉදිරිපත්කර නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙසයි.
ඒ අනුව, අදාළ මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳුවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණා.
එහි දැක්වුණේ 2017 වසරේ අප්‍රේල් මස 7 වනදා කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැති ජන හමුවකදී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් ආයතනය පිළිබඳ අභියාචනාධිකරණය මගින් ප්‍රකාශ කළ නඩු තීන්දුවක් විවේචනයට ලක් කරමින් කරුණු දක්වා ඇති බවයි.
අදාළ ප්‍රකාශය තුළින් වෛද්‍ය පාදෙනිය මහතා අධිකරණයට අපහාස කර ඇති බැවින් ඔහුට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ