මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (18) දිනය තුළ දී නව ආසාදිතයින් හත්දෙනෙකු හඳුනාගෙන ඇත.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් පස්දෙනෙකු ඒ අතර වේ.

ඔවුන්ගෙන් සිව්දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවෙකු ද ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත..

නිරෝධායනට ලක්වෙමින් සිටි පිලිපීනයේ සිට පැමිණි අයෙකු ද කොරෝනා ආසාදිතයෙකු ලෙස ඊයේ (18) හඳුනාගැණුනි.

ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්ව සිටි අය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com