LPL සඳහා තෝරා නොගත් ක්‍රීඩකයන්ට අවස්ථාවක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා එක් කණ්ඩායමක සංචිතයකට ඇතුළත් කර ගත හැකි ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 20 සිට 22 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තෝරා නොගැනීමට කණ්ඩායම් හිමිකරුවන් ගත් තීරණය හේතුවෙන් තරඟ සංවිධායකයන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම්, කණ්ඩායම් පහේ හිමිකරුවන් වෙත යොමු කිරීමට පියවර ගත් බවත් ක්‍රීඩකයන් දෙදෙනා බැගින් එක් කණ්ඩායමක් විසින් තෝරාගත යුතු බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com