ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන මුකේෂ් අම්බානිගේ ප්‍රධානත්වයෙන් යුතු Reliance Industries Ltd හි සිල්ලර අංශය වන Reliance Retail Ventures Ltd විසින් මෙරට ප්‍රමුඛතම ඇඟළුම් සන්නාමයක් වන ‘amante’ හි පූර්ණ කොටස් හිමිකාරීත්වය මිල දී ගෙන ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර කීර්තියට පත් යට ඇඳුම් සන්නාමයක් වන amante, මෙරට ප්‍රමුඛතම ඇඟළුම් සමාගම් සමූහයක් වන MAS හෝල්ඩිංග්ස් විසින් 2007 වසරේ දී අරඹන ලද ව්‍යාපාරයකි.
මෙම ව්‍යාපාර අත්පත් කරගැනීමේ දී Reliance Retail Ventures Ltd විසින් ආයෝජිත මුදල පිළිබඳව මෙතෙක් අනාවරණයක් සිදුව නොමැත.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්