ශ්‍රී ලංකාව තුල කොවිඩ් ව්‍යාප්තිය පාලනයට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දේශීය ව්‍යවසායකයින් ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ බව ද මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාව හසුකර ගැනීමට හැකි සියලු අවස්ථා අවහිර කළ බවයි ඔහු කියාසිටියේ.
වෙළඳ පොලේ භාණ්ඩ මිල නිරන්තරයෙන් ඉහළ පහළ යාම පිළිබඳ යළි විමසා බැලිය යුතු වන අතර භාණ්ඩ හා සේවා මිල පාලනයට සාම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවන බව ද බැසිල් රාජපක්ෂ මහතා කියාසිටියා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමු කිරීමට අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යොමුවීමට රජයට අදහසක් නොමැති බවයි මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ.
වෙළඳ හිගය පියවා ගැනීමට සේවා අංශයේ වැඩි දායකත්වයක් ලබාගැනීමට බලාපොරොත්තුවන බව ද බැසිල් රාජපක්ෂ කියාසිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ