ජීවන වියදම වැඩිවීමේ සැබෑ අභියෝගය පිළිබඳවද අමාත්‍යවරයා 2022 අයවැය ඉදිරිපත් කරමින් අදහස් දැක්විය.
මිල ඉහල පහල යාමට තිරසාර විසඳුමක් ගෙන ඒමට කිසිදු රජයකට හැකියාවක් නොලැබුණු බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.
ඒ සඳහා කරුණු කිහිපයක් ඉවහල් වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.
පරිභෝජන රටාව වෙනස් වීම, නිෂ්පාදන ඵලදායිතාව ප්‍රමාණවත්ව වැඩි නොවීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීමේ ගැටලු, නිවැරදි තොරතුරු සන්නිවේදනය නොවීම, නූතන තාක්ෂනයට අනුගත වීම,අතරමැදියන්ගේ ගැටළු ඒ සඳහා ප්‍රබල බලපෑමක් එල්ලකර තිබෙනවා.
බලශක්ති අර්බුද වැනි අභ්‍යන්තරිකව පාලනය කළ නොහැකි කරුණු හේතුවෙන්ද භාණ්ඩ මිල ඉහලගොස් ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් මිල පාලනයට ප්‍රමාණවත් නොවේ.
මැදි හෝ දිගුකාලීන විසඳුම් ලබාදිය යුතු බව තම විශ්වාසය බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.
මේ අතර සමාජ ක්‍රියාකාරීන් ලෙස වෙස්ගත් බලවේග රටට වින කරමින් ක්‍රියාත්මක වනවා.
එහිදී අමාත්‍යවරයා ඔවුන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ