කුකුළු කෑම හිඟය හේතුවෙන් බිත්තර මිල ඉදිරියේ දී තවත් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
කුකුළු කෑම සඳහා බඩ ඉරිඟු අවශ්‍ය වුව ද රජය විසින් විකල්ප ආහාර ලෙස තිරිඟු ඇට මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසක් ආනයනය කිරීමට සැලසුම් කර ඇත. එහෙත් තිරිඟු ඇට කුකුළු කෑම සඳහා විකල්පයක් නොවන බව ද, මේ වන විට වෙනත් ආහාර වර්ග ලබාදීම හේතුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ද සංගමයේ ලේකම් දුමිෂ්ක සුබසිංහ කියයි.
පාඩුවකින් තොරව බිත්තර අලෙවි කිරිම සදහා බිත්තරයක තෙග මිල රුපියල් 20 දක්වා වැඩි කළ යුතු බවද ලේකම්වරයා කියා සිටී. මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 23කි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ