ප්‍රවීණ සංගීතවේදියෙක්, ගායන සහ රංගන ශිල්පියෙක් වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අද (12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.
ලක්ෂමන් විජේසේකර මහතා ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර, ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ සහ සඳ කිණිති නැමී’ ඇතුළු ගීත රැසක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.
දක්ෂ සංගීත අධ්යක්ෂවරයෙක් ද වන ඒ මහතා විලම්බීත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක විය.
ලක්ෂමන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ හෙට (13) තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ