මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රට හමුවේ ඉදිරිපත් කළේ සෝමාලියානු, ඉතියෝපියානු පන්නයේ අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
මෙවර අයවැයෙන් ජනතාව අපේක්ෂා කළ කිසිදු සහනයක් නොතිබූ බවත් එය ජනතාව රැවටූ හිස් ලියවිල්ලක් පමණක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
2002 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
“රටේ ජනතාව අපේක්ෂා කළේ ප්රගතිශීලී අයවැයක්.නමුත් ලැබුනේ හිස් ප්රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්.නමුත් ලැබුණේ ප්රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ.අයවැය හිගය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක් නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ. කෙටියෙන් කීවොත් මේ අයවැය, රට ඉතියෝපියාවක් කරන අයවැයක්. එහෙමත් නැත්නම් සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්.
කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ, රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක් විදියට අපි මේක දකිනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ