ප්රචණ්ඩත්වය, අනාරක්ෂිත භාවය සහ කාලගුණ වෙනසේ බලපෑම් හේතුවෙන් ලොව පුරා මිලියන 84 කට වැඩි ජන කොටසකට සිය නිවහන්වලින් ඉවත්වී අවතැන්වීමට සිදුවී ඇති බව ජගත් සංවිධානය පවසනවා.
එක්සත් ජාතින්ගේ සරණාගත කොමිසම සඳහන් කළේ විශේෂයෙන් අප්‍රිකානු මහද්වීපයේ ගැටුම්කාරී තත්වයන් හේතුවෙන් පසුගිය දෙසැම්බරයේ සිට අවතැන් පිරිස ඉහළ ගොස් ඇති බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් දේශසීමා වසා දැමීමත් සමග සරණාගත භාවය අපේක්ෂා කරන්නන්ට බොහෝ ප්‍රදේශවලට ඇතුලුවීමට නොහැකිවී තිබෙනවා.
ගැටුම්, වදහිංසා සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැළැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු නොකළහොත් ලොව පුරා පුද්ගල අවතැන්වීම් තවදුරටත් සිදුවනු ඇති බවයි ජගත් සරණාගත කොමසාරිස් ෆිලීපෝ ග්රාන්ඩි ප්‍රකාශ කළේ.
කොංගෝව, ඉතියෝපියාව ආදී අප්‍රිකානු රටවලින් මෙන්ම මියන්මාරයේ සහ ඇෆ්ගනිස්ථානයේ අවතැන්වූ පිරිස් ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි ජගත් සරණාගත කොමිසම පෙන්වා දෙන්නේ.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්