ජාතික විගණන කාර්යාලයේ 2022 වසර සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අද (13) අනුමත විය.
එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
විගණකාධිපතිවරයාගේ විෂය පථයට ගැනෙන රාජ්‍ය ආයතන වලට අදාළව 2022 වසර තුළදී ඉටුකිරීමට සැලසුම් කරන ලද මූල්‍ය ප්‍රකාශන විගණන, කාර්ය සාධන විගණන ඇතුළු විගණන කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවක් කිරීම සඳහා මෙම වාර්ෂික කාර්ය වැඩසටහන ඉදිරිපත් කෙරේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට