වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං ඇතිවිය හැකියාව පවතිනවා.
මේ අතර, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව කළා. මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 15 දින පමණ වනවිට උතුරු අන්දමන් මුහුදේ පීඩන අවපාතයක් බවට පත්වීමේ හැකියාව පවතිනවා.
පසුව මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, නොවැම්බර් 18 දින පමණ වනවිට ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ වෙත ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ