ඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇතිවූ ගැටුම් වලින් සිරකරුවන් 68 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.
ග්වායාකිල් නගරයේ මෙම බන්ධනාගාරයෙන් තුවක්කු සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි එහි ඇතුළු වූ උපක්‍රමික පොලිස් කණ්ඩායම් සඳහන් කර ඇත්තේ.
මීට පෙරද එම බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් සියයකට වඩා මිය ගිය අතර ඉක්වදෝරයේ මේ වසර තුළ සිදුව ඇති බන්ධනාගාර නොසන්සුන්තා හේතුවෙන් මියගිය සමස්ත රැඳවියන් ගණන 300 කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ