රෝහලක් අසල ඊයේ (14) සිදුකළ මෝටර් රථ පිපිරවීමකින් එක් අයෙක් මියයැමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් තිදෙනෙක් ව අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පොලීසිය කටයුතු කර තිබේ.
එම පිපිරීම ලිවර්පූල් කාන්තා රෝහල අසලදී සිදුකර තිබුණි.
යුද විරුවන් සැමරීම සඳහා විනාඩි දෙකක් නිශ්ශබ්දතාවක් සඳහා කුලී රථයක් මාර්ගයේ නවත්වා සුළු මොහොතකින් එය පිපිරී ගියේය.
එහිදී මියගොස් ඇත්තේ එම රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයා බවත් ඔහුව හඳුනාගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.
මෝටර් රථයේ රියදුරා ද තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා විය.
එම පිපිරීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් වයස අවුරුදු 29, 26, සහ 21ක් වූ තරුණයින් තිදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්