වායු දූෂණයට එරෙහි නොවීම ගැන ඉන්දියාවට චෝදනා

වායු දූෂණය ඉහළ ගොස් ඇති ලොව රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවන ඉන්දියාව, ගල් අඟුරු පරිභෝජනය සීමා කිරිම සඳහා වන එකඟතාවයකට පක්ෂපාතී නොවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගියදා පැවති ලෝක දේශගුණික සමුලුවේදී මෙම ගල් අඟුරු පරිභෝජනය සීමා කිරීමේ යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ඉන්දියාව අදාළ යෝජනාවට සිය එකඟතාව පළ කර නැහැ.

වායු දූෂණය අතින් ඉන්දියාවේ දිල්ලි නගරය ලොව සෙසු රටවලට සාපේක්ෂව පෙරමුණේ පසුවන අතර මේ දිනවල එය වඩාත් උඝ්‍ර වී තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ සිට සතියක කාලයක් දිල්ලි නගරයේ සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට නිවාඩු ලබා දීමටද ඉන්දීය රජය පියවර ගනු ලැබූ අතර එය හුදකලා කිරීමක් හා සමාන බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාව වායු දූෂණය තුරන් කිරීමේ යෝජනා වලට එකඟ නොවීම බරපතල තත්ත්වයක් බවයි ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com