අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද

අඩසියවසක දේශපාලන දිවිය තුළ දෙවරක් ජනාධිපති ධුරය ද, සිව් වරටත්  අග්‍රාමාත්‍ය  ධුරය ද හොබවන මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

1945 නොවැම්බර් 18 වැනිදා උපත ලබන මහින්ද රාජපක්ෂ මහතා රාජපක්ෂ පරපුරට උරුම වූ කුරහන් සාටකයේ ආශිර්වාදයෙන් 24 වන වියේදී 1970 වසරේ  හම්බන්තොට බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව   ඡන්ද සංඛ්‍යාව 23,103ක් ලබා ගන්නට සමත් වුණේ ඔහුගේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිවාදියා ඡන්ද 16,477කට සීමා කරමින්.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබය නියෝජනය කළේ  එවක ලාබාලතම මන්ත්‍රීවරයාද වෙමින්.

මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා  කොළඹ නීති විද්‍යාලයෙන් නීති උපාධිය හිමි  කර අගනු ලැබුවා.

දේශපාලන දිවි ගමනේදී ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද සම සිතින් විඳගත් මහින්ද රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු ලෙස පමණක් නොව විධායක ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළා.

30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය රටේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස නිමා කිරීමේ ගෞරවයද හිමිවන  කෘතහස්ත දේශපාලනඥයා වන මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජන ප්‍රසාදය සහ ආශිර්වාදය මැද, සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටිනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com