ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (19) රත්නපුර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇසුරුම් කළ ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශි‍්‍රත නව නිෂ්පාදන ලෝක වෙළද පොලට හදුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයා ගත හැකි බවයි.
ශ්‍රි ලංකාවේ සහ වෙනත් රටවල ගම්මිරිස් ඵලදාව මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරු ඉන්දියාවයි. ඉන්දියාව මිලට ගැනීම් කරනුයේ සලාක ක්‍රමයකට අනුවය. ශ්‍රී ලංකාවට දී ඇති සලාකය වැඩි කර ගැනීම සැලැස්මේ ප්‍රධාන අංගයකි. ඊට අමතරව දේශීය ගම්මිරිස් සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීමට පියවර ගැනේ.
නිමි නිෂ්පාදන ලෙස ගම්මිරිස් අපනයනට ගොවීන් උනන්දු කරවනු ලැබේ. ඇසුරුම් ලෙස (පැකට්) ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශ්රිත නව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයාගත හැකි බව ජනාධිපතිතුමා එහිදී ගොවීන්ට පෙන්වා දෙන ලදි.
ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ, රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ය.
ප්‍රදේශයේ පැතිරී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා පැවසුවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
එම වැඩපිළිවෙළ සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා, ග්‍රාමීය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පිරිස් ගැන තොරතුරු වහා දන්වන්නැයි ද ඉල්ලීමක් කළේ ය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ