ඉන්දියාවේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
වගාවන්ගෙන් ඉවත් කරන කොටස් දහනයට ලක් කිරීම මෙම තත්ත්වය උග්රවීමට හේතුවී ඇති බවයි පැවසෙන්නේ. ඉහළ කාර්මීකරණය අතින් ඉදිරියෙන් පසුවන ඉන්දියාව මේ වනවිට ලොව වායු දූෂණය ඉහළ මට්ටමක පවතින රටක් ලෙසයි සැළකෙන්නේ. පසුගියදා පැවති ආගමික සැමරුම් උත්සව හේතුවෙන් ගිනිකෙළි සහ රතිඤ්ඤා භාවිතය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර ඇතුළු නගර ගණනාවක වායු දූෂණය ඉහළ මට්ටමක පැවතුනා.
පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් තවදුරටත් ප්‍රාන්ත ගණනාවක පාසල් වසා තැබෙන අතර කාර්මික කටයුතු මෙන්ම රථවාහන ගමනාගමනය ද සීමා කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්