අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හිමිවූ පළමු කාන්තාව බවට ඉන්දීය සම්භවයක් සහිත උප ජනාධිපතිනි කමලා හැරිස් පත්වූවාය.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කිරීම හේතුවෙන් මිනිත්තු 85 කට සිය ධුරය කමලා හැරිස් වෙත පවරනු ලැබීය.
අද සිය 79 වන උපන්දිනය සමරන බයිඩන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට යොමු වූ පළමු අවස්ථාව මෙය විය.
කොලනොස්කොපි පරික්ෂණයට මුහුණ දීම සඳහා ජනාධිපති බයිඩන් මේරිලෑන්ඩ්හි වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් වී තිබේ.
ඒ අනුව 57 හැවිරිදි කමලා හැරිස් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හෙබවු පළමු කාන්තාව බවට පත්වූවාය.
ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස්ට අමෙරිකාවේ යුද සහ න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ බලතල හිමි වීම ද විශේෂත්වයකි.
වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව ජනාධිපතිවරයා වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටව මැරීන් වන් හෙලිකොප්ටරයේ නැගී යළි සිය රාජකාරි ආරම්භ කිරීම සඳහා ධවල මන්දිරයට නික්ම ගියේය.
කෙසේ වෙතත් හිටපු අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර එම පරීක්ෂණය සඳහා මුහුණ දී තිබුණේ, නිර්වින්දනය ප්‍රතික්ෂේප කරමිනි.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්