නුගේගොඩ ගුවන් පාලමේදී බස් රථයක් යුධ හමුදා කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් හමුදා සාමාජිකයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.
මෙම අනතුර අද (20) උදෑසන සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සෙබළා අනතුරින් මියගොස් තිබේ.
තුවාල ලැබූ තවත් හමුදා සෙබලුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ