බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා සඳහන් කළේ, ඊයේ (20) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මඟින් ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.
රැඳවියන් 95 දෙනෙකුගෙන් සිදුකළ පරීක්ෂාවකදී එම ආසාදිතයින් හඳුනාගත් බව පියල් පද්ම මහතා සඳහන් කළේය.
“බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අපි සිදුකරනු ලැබුවා. 95 දෙනෙක් මේ සඳහා සහභාගී වුණා. එයින් 12 දෙනෙක් කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වුණා. කාලයක් රැඳී සිටි රැඳවියන් කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වුණේ නෑ. අලුතින් ඇතුළු වුණ රැඳවියන්ගෙන් තමයි මේ 12 වාර්තා වුණේ. බදුල්ල මහ රෝහලෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කරලා තිබුණා රැඳවියෙක් ගේ එයාට කොවිඩ් -19 රෝගය වැළඳී තිබෙන බවට තහවුරු වු නිසයි ඉක්මනින් තවත් රෝගීන් හඳුනාගැනීමට රැපිඩ් පරීක්ෂණ සිදුකළේ.”
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ