ලබන දෙසැම්බර් මස පළමුවනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ වීසා බලපත්‍ර හිමි පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට අවසර ලබාදී තිබේ.
ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම සහ රටේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා දැනට පනවා ඇති කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ එම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුන්, වීසා හිමි ව්‍යාපාරිකයින් සහ සරණාගතයින් හට ඔස්ට්‍රේලියාව වෙත පැමිණිමට අවසර හිමිවෙයි.
පසුගිය වසරේ මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසාදැමුණ ද පසුගියදා ස්ථිර පදිංචිකරුවන් ඇතුළු සීමිත පිරිසක් සඳහා පමණක් එරටට ඇතුළු වීමට අවසර ලබාදී තිබුණි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්