අන්තර්ජාතික ගුවන් සේවා 22 ක් මේ වන විට ශ්‍රී ලංකාව වෙත යළි මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනාවරණය කරයි.
සංචාරක අධිකාරියේ සභාපති කිමාර්ලි ප්‍රනාන්දු පවසන්නේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අමතරව මෙම ගුවන් සේවා ක්‍රියාත්මක බවයි.
කොරෝනා වයිරසයේ තුන්වන රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශසීමා මාස කිහිපයක් වසා දැමීමෙන් පසු අන්තර්ජාතික ගුවන් සමාගම් නැවත මෙලෙස මෙහෙයුම් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාව සමග සම්බන්ධවී මෙලෙස ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ගුවන් සේවා අතුරින් බහුතරය මැදපෙරදිග රටවල්වලට අයත් ඒවාවේ.
කටාර් එයාර්වේස්, එමිරේට්ස්, ෆ්ලයි ඩුබායි සහ ගල්ෆ් එයාර් ඒ අතරින් ප්‍රධානවේ. එසේම රුසියාවේ රෝසියා එයාර් ලයින්ස්, ප්‍රංශයේ එයාර් ෆ්රාන්ස් සහ ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය මෙන්ම චීනයේ චයිනා ඊස්ටන් ගුවන් සේවය ඇතුළු ලොව ප්‍රධාන ගුවන් සේවා සමාගම් කිහිපයක්ම ඒ අතර වේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ