බ්‍රිතාන්‍ය යෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ යාමත් සමඟ එන්නත්කරණය වේගවත් කර තිබෙනවා.
එන්නත්කරණය වේගවත් කිරීම යටතේ එරට ජනතාවට එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබාදීමද සිදු වනවා. බ්‍රිතාන්‍ය තුළ දෛනිකව බූස්ටර් එන්නත් ලක්ෂ හතරක් පමණ ලබාදෙන බවයි සෞඛ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ. මේ වනවිට මිලියන 15 ක පමණ පිරිසකට බූස්ටර් එන්නත ලබා දී අවසන් බවද ඔහු පවසනවා.
වයිරස ව්‍යාප්තිය අඛණ්ඩව සිදු වුවද යළිත් වරක් නිරෝධාය නීති දැඩි කිරීමට බලාපොරොත්තු නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ. ගතවූ පැය 24 ට එරටින් වයිරස ආසාදිතයින් 40000 කට ආසන්න සංඛ්‍යාවක් හමුව ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 61 ක්.
More Stories
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු
ඡන්ද දායකයින්ගෙන් හතරෙන් තුනක් පමණ ඇමරිකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ සෘණාත්මක මතයක
චීන ජනපති Hubei පළාතේ නිරීක්ෂණ චාරිකාවක