කින්නියා ප්රදේශයේදී පාලම පාරුව පෙරළීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා දෙසැම්බර් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.
පොලිසිය විසින් සැකකරුවන් අද ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
පාලම් පාරුවේ ක්රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුව අද උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ත්රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්රා කරමින් තිබූ එම පාරුව පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබුණි.
අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකු රෝහල්ගත කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කින්නියා පොලිසිය විසින් සිදුකරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ