එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ ඇමෙරිකාවේ කැල්ෆෝනියාවේ හොස්පිටල් සර්විසස් සපෝට් ෆෞන්ඩේෂන් විසින් රෝහල් සේවා මණ්ඩලයට පරිත්‍යාග වශයෙන් එවනලද ලක්ෂ 80 ක් පමණ වටිනා නවීන දැඩි සත්කාර ඇදන් ඇතුළු වෛද්‍ය උපකරණ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ශ්‍රී ලංකා ජාතික රෝහලේ විපස්සි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ , ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභුති හිමියන් වහන්සේ විසින් පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාවට ජාතික රෝහලේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ , හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ, සිල්වියා ලංකා පදනමේ නිහාල් දි සිල්වා, විශේෂ ශ්‍රේණයේ හෙද නිලධාරිණී සන්ධ්‍යා කරුණාදාස මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව