“ඔමික්‍රෝන්” නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
අද (27) පෙරවරුවේ කැඳවා ඇති අදාළ සාකච්ඡාවේ දී රට තුළ වෛරස ව්‍යාප්තිය හා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන පිළිබඳව ද අවධානය යොමුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,000සේ සීමාව දක්වා පහත බැස තිබේ.
කෙසේවෙතත් ඊයේ දිනයේ ද එරටින් කොවිඩ් මරණ 465ක් වාර්තා වී ඇති බව සඳහන් විය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්