දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකා එක්සත් ජනපදයද තීරණය කර තිබෙනවා.
ඒ කොරෝනා වයිරසයේ නවතම ප්‍රබේදයක් දකුණු අප්‍රිකාවේ පැතිර යාමත් සමගයි.
දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන ගුවන් යානා තහනම් කිරීමට මහා බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය මීට පෙර කටයුතු කළා. ලෝක සෞඛය සංවිධානය නිවේදනය කළේ නව වයිරස ප්‍රභේදය මෙතෙක් පැවති වයිරස් ප්‍රභේදවලට වඩා ප්‍රබල විය හැකි බවයි. එය ඔමික්රන් ලෙස නම්කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවට අමතරව බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියා, ලෙසතෝ වැනි රාජ්‍යයන්හි සිට පැමිණෙන ගුවන් යානා ද අත්හිටුවීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළා.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්