බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ – ඇමති අමරවීර

පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

බස් සංගම්වල ඉල්ලීම් සාධාරණ බව පිලිගන්නා නමුත් රටේ මහජනතාව ද විශාල පීඩනයකට ලක් ව සිටින මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් හෝ ඉන්ධන සහන ලබා දීම සිදු කිරීම
කිසිසේත්ම සිදු කළ නොහැකි බවයි අමාත්‍යවරයා බස් සංගම්වලට අවධාරණය කර ඇත්තේ.

මෙම අවස්ථාවේ ඇතැම් ඉල්ලීම් ඉටු කිරීමට නොහැකිවීම පිළිබද කණාගාටු වන බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් බස් සංගම්වල ප්‍රධාන ඉල්ලීම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කෙරුණා.

ඒ අනුව රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් රාජ්‍ය බැංකුවක් මගින් ලබා දීම, කල්බදු වාරික සහන ලබා දීම හා රක්ෂණ වාරික සහන කාලයක් ලබා දීම වැනි ඉල්ලිම් කීහිපයක් ඉදිරිපත් කළ අතර
අමාත්‍යවරයාගේ ඉල්ලිම පරීදි රජය විසින් එම සහන ලබා දීමටඅවශ්‍ය මූලික පියවර ගෙන තිබේ.

ජාතික ගමනාගමන කොමිසම විසින් මේ වනවිට අන්තර්පළාත් බස් රථ සඳහා ලොග්සීට් ගාස්තු අයකිරීම මාස 06ක් යන තෙක් අත්හිටුවා තිබේ.

එමෙන්ම ටෙන්ඩර් ගාස්තු සඳහා වාර්ෂිකවඅය කරන මුදල ද මාස 06කට අත්හිටුවා තිබේ. එමගින් ජාතික ගමනාගමන කොමිසමට මෙතෙක් අහිමිවි ඇති ආදායම රුපියල් මිලියන 200කි.

සුළු වැරදි කරන අය සඳහා දඩ මුදල් අයකිරීම ද තාවකාලිකව නතර කෙරුණා.

පෞද්ගලික බස් සංගම් පවසන්නේ පවතින තත්වය යටෙත් මගී ප්‍රවාහන සේවා 50%කින් නැවැත්වීමට තීරණය කර ඇති බවයි.
ඒම තත්වයට මුහුණ දීම සදහා ලංගම සතු සියලුම බස් රථ ධාවනයට යෙදවීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com