තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා
මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සිදුකරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ.
තිරිඟු පිටි මිල ඊයේ දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන ඇති අතර බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි බේකරි හිමියන් පවසන්නේ්.
පිටකොටුව තොග වෙළෙඳසැල් හිමියන් සඳහන් කළේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17 කින් ඉහළ නංවන බවයි.
බේකරි හිමියන්, ආපානශාලා හිමියන් මෙන්ම පාරිභෝගික ජනතාව ද මේ වනවිට වෙළෙඳසැල්වල තිරිඟු පිටි නොමැති තත්වයක් උද්ගතව ඇති බවද සඳහන් කළා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව