ජනාධිපතිවරයා සිටින දිනවලදී පමණක් සියලු ඇමැතිවරුන් සභා ගැබෙහි සිටින නිසා ජනාධිපතිතුමාට හැමදාම පාර්ලිමේන්තු රැස්වීම්වලට එන්න කියලා කියන්න වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (30 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාම නිසා රටේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් අදහස් දක්වන අවස්ථාවේදී සභා ගැබෙහි ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ ආසනවල ඇමැතිවරුන් කිසිවෙකුත් නොසිටීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දුට සිය කනස්සල්ල ප්රකාශ කරමින් කථානායකවරයා මේ බව කීවේය.
‘මේ අවස්ථාවේ මා ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගේ අවධානය යොමු කරවනවා. ඉදිරි පෙළ ආසනවල ඔබතුමාගේ දෙපැත්තේ ඇමැතිවරුන් කිසි කෙනෙක් නැහැ. ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්. මේ වගේ ප්රශ්නයක් ඇති වුණාම උත්තර දෙන්න සභාවේ සිටින සියලු දෙනාම වගකිව යුතුයි. ඒ ගැන අවධානය යොමු කරන්න. මේ සාමුහික වගකීමෙන් ඉවත් නොවී තමන්ගේ වගකීම් ඉටු කළොත් හොඳයි ” යැයි කථානායකවරයා පැවැසුවේය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට