ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු, නිරිත දිග, ගිණිකොන දිග හා බටහිර මුහුදු ආශ්‍රිතව යාත්‍රා කිරීමෙන් වැළකී සිටින ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ බටහිර මධ්‍යම බෙගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන්.
කුණාටුව අද පෙරවරු කාලයේ ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය මෙන්ම දකුණු ඔඩීෂා වෙරලට ඔබ්බෙන් බෙංගාල බොක්ක කලාපයේ ස්ථාන ගතවනු ඇති බවට කාළගුණ නිවේදනයේ සඳහන්.
ඒ අනුව මෙම මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝ මීටර් 80 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත් වල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ