සමුගනිමින් මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කියූ දේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මීකී ආතර් ගේ අවසන් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ජයග්‍රහණයකින් නිමා කළේය. 

සිය ගමන්මග ගැන මාධ්‍ය හමුවේ සඳහන් කළ මීකී ආතර් සඳහන් කළේ,

“ශ්‍රී ලංකාවේ රැඳීසිටිමින් මම කළ රාජකාරිය ඉතාම සුන්දර එකක්. ඒක විශිෂ්ට ගමනක්. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වසර 2ක් ඉතා දුෂ්කර ගමනක් තිබුණත් අද වනවිට එය ගොඩාක් ප්‍රතිඵලදායක වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතා දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ණවත් කරාවි. මේ වෙලාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්වත් අමතක කරන්න බෑ. ඔවුනුත් විශාල කැපකිරීමක් කළා. ඒ නිසා මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා හොඳ තැනක තියෙනවා. ලංකාවේ ගතකරපු මගේ කාලය අමතක නොවන එකක්. “

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සමත්වී තිබේ.

සමස්ථ තරගයේදී ලකුණු 136 කට කඩුලු 11 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගනිද්දී දෙවැනි ඉනිමේදී අගනා ශතකයක් වාර්තා කළ ධනංජය ද සිල්වා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. 

මෙම තරගයේ දවා ගන්නා ලද කඩුලු 11 ත් සමඟ මෙන්ඩිස් කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී කඩුලු 18 ක් බිඳ හෙළීමට සමත්වූවේය. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com