කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ බ්‍රිතාන්‍ය පනවා ඇති නීති තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
නව නීති අනුව බ්‍රිතාන්‍යයට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු එරටට පැමිණීමට පැය 48 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර ගත යුතු වනවා. එය වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම අයෙකුට බලපාන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයට පැමිණ දින දෙකකට පසුවද PCR පරීක්ෂණයක් සිදු කර ගත යුතුයි. එම පරීක්ෂණය සිදු කර ගන්නා තෙක් බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලුම පුද්ගලයින් නිරෝධායනයට ලක්විය යුතුයි. තවද රතු දත්ත ලැයිස්තුවට ඇතුලත් කර ඇති රටවල සිට පැමිණෙන සියලුම පුද්ගලයින් දින 10 ක කාලයක් නිරෝධායනයට ලක් විය යුතු වනවා.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්