Dambulla Giants දෙවන ජය වාර්ථා කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ජය ගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අද සමත් විය.

ඒ ලකුණු 20කින් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 190ක් රැස්කර ගැනීමට සමත්විය.

දඹුල්ල කණ්ඩායම Phil Salt ලකුණු 64ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී නුවර කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට පැමිණි කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 170ක් පමණියි.

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් රොව්මන් පවෙල් පන්දු 21කදී ලකුණු 42ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් කඩුළු 3 බැගින් දවාගත්තේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com