ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වාදෙන්නේ, දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවය.
එම වෛරසය ප්‍රතිශක්තීකරණ එන්නත්වලට ප්‍රතිචාර නොදැක්වුව ද බූස්ටර් එන්නතක් මඟින් ආරක්ෂාවීමේ හැකියාව පවතින බව ද එම අධ්‍යයනයෙන් හෙළි වී ඇති බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
කෙසේවෙතත් එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට මෙතෙක් හැකියාව නොමැති අතර ඒ සඳහා තවත් කාලය සහ දත්ත අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ඊයේ (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්දර මහතා මෙසේ අදහස් පළ කළේය.
“දැන් වන විට මුළු ජනගහනයෙන් බැලුවත් 75%කට වැඩි පිරිසකට එක එන්නතක් හෝ ලබාදීලා තියෙනවා. ඊට අමතරව අපේ ඉලක්ක ගත කණ්ඩායම් බැලුවොත් වයස අවුරුදු 20ට වැඩි අය බැලුවොත් 100%ක් ම එන්නත ලබාගෙන. මේ අවුරුද්දේ අප්‍රේල්වල ඩෙල්ටා ප්‍රභේද රැල්ල ආව අවස්ථාවේ ප්‍රධාන වෙනසක් තියෙනවා අපේ එන්නත්කරණය මත. ඊට අමතරව ඒ අවස්ථාවේ දී තිබුණු ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදයත් මේ අවස්ථාවේ දී තියෙන ඔමික්‍රෝන් ප්‍රභේදයත් අතර විශාල වෙනසක් තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ දරුණුතාවය, සංකූලතා ඉතා ඉහළ බව අපි දැනගත්තා. දැනට සායනික වාර්තාවලින් පෙනෙන පරිදි ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ඇතිවෙන රෝගය දරුණම රෝගයක් නොවන බව පෙනෙනවා. ඩෙල්ටා ප්‍රභේදය රෝගය පවතින දළ කාලසීමාව දින 8.5ක් යැයි සිතුවොත් ඔමික්‍රෝන් නිසා ඇති වෙන දළ කාලසීමාව 2.8ක් පමණ තමා ඔවුන් දක්වලා තියෙන්නේ. ඉතින් මේකෙනුත් පේනවා ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ දරුණුතාවය හා සංකූලතා අඩුබව.”
මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සඳහා ෆයිසර් එන්නතේ තෙවන මාත්‍රාවක් ලබාදීම මඟින් ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම ප්‍රකාශයට පත් කර තිබේ.
ෆයිසර් මාත්‍රා 03ක් ලබාදුන් පුද්ගලයෙකුට ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තීකරණයක් ඇති වන බව අදාළ සමාගම මඟින් සිදුකළ අධ්‍යයනයක දී අනාවරණය වී ඇත.
මීට පෙර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට එන්නත් මඟින් ප්‍රතිශක්තීකරණයක් ඇති නොවන බවට විවිධ පාර්ශව විසින් ප්‍රකාශ නිකුත් කර තිබුණි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව