ඊයේ දිනයේදී නව ආසාදිතයන් 06 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග මෙරට කොවිඞ් 19 ආසාධිතයන් සංඛ්‍යාව 2730 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රාජාංගණය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි 5 දෙනෙකු නව ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අනුව කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් ආසාධිතයන් 562 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.
විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් වෛරසය ආසාදනයවූවන් බවට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 874 ක්.
මෙරට කොරෝනා ආසාධිතයන් 677 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත ගණන 2041 ක්.
මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 119 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ