ළමුන් පාසල් එව්වේ නැත්තම් දෙමව්පියෝ හිරේ

කොවිඩ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සියලු පාසල් ආරම්භ කර ඇති අවස්ථාවක දරුවන් පාසල් යැවීමට අදිමදි කරන දෙමාපියන්ට වසර දෙකක සිර දඬුවමක් සහ දඩයක් නියම කිරීමට පියවර ගන්නා බව ග්‍රීක රජය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

පාසල් ආරම්භ කළත් පාසල්වලට පැමිණෙන දරුදැරියන් ගණන ඉතා අඩු බැවින් ග්‍රීක රජය මෙසේ ප්‍රකාශ කර තිබේ.

ග්‍රීසියේ ද කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අදිමදි කරන බොහෝ දෙනකු සිටින අතර, ඔවුන් මුහුණු ආවරණ පැලැදීම හෝ සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම හෝ සිදු නොකරන බවට රජය චෝදනා නගයි.

අවුරුදු 16 දක්වා සියලු දරුවන්, අසනීප තත්ත්වයක් පෙන්නුම් නොකරන්නේ නම්, පාසල් එවිය යුතු බවත්, එය මාපියන්ගේ වගකීමක් බවත් එසේ නොකරන්නේ නම්, දෙවසරක සිර දඩුවමක් සහ යූරෝ 59 ක (ඇමෙරිකන් ඩොලර් 67) දඩ මුදලක් අය කර ගැනීමට පියවර ගන්නා බව ග්‍රීක රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com