ඇමරිකාව විසින් කැඳවන ලද ඊනියා “ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව” 10වැනිදා ඉතා අශෝභන ලෙස අවසන් විය. එය ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ඇමරිකාව විසින් කරන ලද ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවකි. බෙදීම් හා ගැටුම් උසි ගන්වමින් එරට ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ දේශපාලන විගඩම අසාර්ථක වීම නොවැළැක්විය හැකිය.
ඊනියා ‘ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව’මගින් ඇමරිකාව ප්රජාතන්ත්රවාදය, උපකරණයක් හා අවියක් ලෙස භාවිත කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
සෑම රටකම ප්රජාතන්ත්රවාදී මාවත රටේ ජනතාව විසින් ස්වාධීනව තෝරා ගත යුතු අතර එය බාහිරින් පැනවිය යුත්තක් නොවේ. රටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න තීරණය කළ යුත්තේ රටේ ජනතාව විසින් මිස පිටස්තරයින් කිහිපදෙනෙකු විසින් නොවිය යුතුය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක පූර්ණ මහජන ප්රජාතාන්ත්රවාදය, පුළුල් ම, සැබෑ ම සහ ප්‍රායෝගික ම සමාජවාදී ප්රජාතාන්ත්රවාදය බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසයි. චීනයේ ප්රජාතාන්ත්රවාදය, රට සංවර්ධනය, සමාජ ප්රගමනය හා ජන ජීවිතය ඉහළ මට්ටමකට රැගෙන යාමට හැකිවී ඇත.
වර්තමානයේ, නව කොරොනා වසංගතය ලොව පුරා පැතිර යාම හේතුවෙන්, ජගත් ප්‍රජාවට අන් කවරදාටත් වඩා එක්සත්වීම සහ සහයෝගීතාව අවශ්‍යයි. විවිධ රටවල් සමග එක්ව, සාමය, සංවර්ධනය, සාධාරණත්වය, යුක්තිය, ප්රජාතාන්ත්රවාදය, නිදහස යන සමස්ත ලෝකයාගේ පොදු වටිනාකම ප්‍රචලිත කිරීමට චීනය කැමති ය. ප්රජාතාන්ත්රවාදය හුවාදක්වමින් දේශපාලන උපාමාරු සිදු කරන ඕනෑ ම ක්‍රියාවකට චීනය දැඩි ලෙස විරුද්ධ ය. පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩනැංවීම ඉදිරියට ගෙන යාමට චීනය අඛණ්ඩ ව ප්රයත්නය දරයි.
More Stories
Hubei පළාතේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය වෙනස් නොවේ– චීනය
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු