වනඅලි පහරින් කථිකාචාර්යවරිය මියයයි

වන අලියෙකු පහරදීමෙන් තුවාල ලබා සිටි යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ, කිලිනොච්චිය තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


යාපනය විශ්වවිද්‍යාලය තුළ පිහිටි නවාතැන්පොල ආසන්නයේදීම ඇය මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි කථිකාචාර්යවරියක්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com