මේ දිනවල පෘථිවියට දිස්වන ලෙනෝඩ් ධූමකේතුව (සී 2021 ඒ 1) ලබන 18 වැනිදායින් පසු ශ්‍රී ලාංකිකයන්ට පියවි ඇසින් දැකගැනීමට හැකිවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
හිරු බැසගොස් විනාඩි 30කට පමණ පසු බටහිර අහසේ නිරිතදිගට වන්නට බ්‍රහස්පති, සෙනසුරු හා සිකුරු ග්‍රහලෝක අසලින් මේ ධූමකේතුව දැකගැනීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේය.
මෙය පියවි ඇසින් දැකීම ඉතා දුෂ්කර නමුත් ඉතා පැහැදිලි අහසක් තිබුණොත් පමණක් එසේ නැරඹීමට හැකි වනු ඇති බවත්, දෙනෙතියකින් හෝ දුරේක්ෂයකින් හෙට (15) සිටම මෙය නැරඹිය හැකි බව ද චන්දන ජයරත්න මහතා කීවේය.
සූරියත් පෘථිවියත් අතර පවතින දුර මෙන් 35,000 ගුණයක් දුර සිට මෙම ධූමකේතුව පැමිනෙන බවත් එය ඉතාම අධික වේගයකින් ගමන් කරන බවත් හෙතෙම පැවසීය.
මෙම වසරේ මුල් කාලයේ දී හඳුනාගත් මෙම ධූමකේතුව මේ වසරේ දැනට දැකීමට ඇති හොඳම ධූමකේතුව බවද සඳහන් කළේය.
මේ වන විට පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් ඇති මෙම ධූමකේතුව ජනවාරි 3 වැනිදා වන විට සූර්යයාට ඉතාම ආසන්නයෙන් ගමන් කරනු ඇති බවත්, එය ජනවාරි මාසේ මුල තෙක්ම මෙය නිරික්ෂණ කළ හැකි බව ද කීවේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ