අමෙරිකාව තුළ ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා.
මේ හේතුවෙන් ශීත ඍතුවේදී එන්නත්කරණය නොලැබූ පුද්ගලයින් රෝගී තත්ත්වයට පත්වීම සහ මිය යාම ඉහළ යා හැකි බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. බූස්ටර් එන්නත් මාත්‍රාව හැකි ඉක්මනින් ලබාගන්නා ලෙස අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
එරට ප්‍රාන්ත 36 ක මේ වන විට ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බවයි අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. මෙම වෛරස් ප්‍රභේදය ගෝලීය මහජන සෞඛ්‍යයට බලපා ඇති විශාලතම තර්ජනය වී ඇති බවයි ලන්ඩනයේ පැවැත්වෙන ජී – 07 සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී ද අවධාරණය කර තිබෙන්නේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්