සියලු පාර්ශවයන්ගේ පුලුල් නියෝජනයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකළහොත් ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානය වෙතින් ගිලිහී යනු ඇති බවට රුසියාව විසින් අනතුරු අගවා තිබෙනවා.
ඇෆ්ගනිස්තානය පිළිබද රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ විශේෂ නියෝජිතයා වන සමීර් කබ්ලෝව් මේ බව පවසා ඇත්තේ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සියලු වාර්ගිකත්වයන් නියෝජනය කරන පාලනයක් පිහිටුවීම හැර එක් වාර්ගිකත්වයක නියෝජනයක් සහිත පාලන ක්‍රමයක් දිගින් දිගටම පවත්වාගෙන යෑම තුළින් තලේබාන් පාළනය කඩිනමින් බිඳ වැටීමට ලක්විය හැකි බවයි කබ්ලෝව් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී වවිධ රටවල් විසින් තලේබාන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ අන්තර්ජාතික පිළිගැනීමක් ලබා ගැනීමට නම් සියලු වාර්ගිකත්වයන් නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවීමටත්, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් කටයුතු කරන ලෙසයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්